colombotimes.lk
සිංහල | English

07 October 2024


හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පති කියයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව සඳහා 163 දෙනෙක් සිටින බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙක්, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙක් සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක්ද ඒ අතරට ඇතුළත් වනවා.

(colombotimes.lk)