colombotimes.lk
සිංහල | English

21 May 2024

සා.පෙළ අවසන් වූ වහාම උ.පෙළ පන්ති අරඹයි



මෙවර සා.පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන්ට උ.පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පසුගිය කොවිඩ් සමයේ පාසල් වසා දැමීම හේතුවෙන් අතපසු වූ අධ්‍යන කටයුතු සහ විභාග කාලසටහන් යථාවත් කිරීමේ වැඩපිළිවෙලට අනුව මෙලෙස උ.පෙළ පන්ති ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(colombotimes.lk)