අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට



මහජනතාවට සහන සැනසීමේ අරමුණින් ලංකා සතොස මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) සිට ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

එම මිල අඩු වූ භාණ්ඩවල කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,

අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද ) - රුපියල් 215.00
රතු පරිප්පු - රුපියල් 282.00
සුදු සීනි - රුපියල් 275.00



(colombotimes.lk)