05 June 2025


ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් අතර සාකච්ඡාවක් අද (03) පවත්වා තිබෙනවා. 

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ බවයි. 

 
(colombotimes.lk)