colombotimes.lk
සිංහල | English

19 May 2024

මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසක් කඩා වැටීමේ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්



මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

ඉදිකිරීම් නවතා ඇති මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කදඔළුවාව ප්‍රදේශය ආශ්‍රීත ඉදිකිරීම් කොටසක් පසුගියදා කඩා වැටී තිබෙනවා. 

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ මීටර් 35ක පමණ දිගකින් යුතු කොන්ක්‍රීට් බාල්කයක් පෙරළීමෙන් මෙය සිදුව ඇති අතර තවත් බාල්ක දෙකක් අවදානම් තත්වයේ පවතින බවයි.

2021 වසරේ මෙම කොටසේ කොන්ක්‍රීට් බාල්ක සවිකර ඇති අතර බාල්කය පෙරළීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
 
පවතින අවදානම හමුවේ කිලෝමීටර් 17කින් යුත් සමස්ත මාර්ග කොටසේ ඇති සියලු බාල්කවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද එම අධිකාරිය පවසනවා. 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීම හමුවේ අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් පසුගියදා නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)