05 June 2025


සූකර කර්මාන්තය නඟාසිටුවීමට විශේෂ වැඩපිළිවෙළක්



අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී තිබෙන සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 

2024 ඔක්තෝබර් මාසයේදී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ පළමු වරට බස්නාහිර පළාතෙන් වාර්තා වුණා. 

මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ. 

මේ වන විට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර ඌරන් 61,695ක් මරණයට පත්වී තිබෙනවා.

 
(colombotimes.lk)