කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 126.41කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,742.04ක් ලෙසයි.
එය ඊයේ (24) දිනයට සාපේක්ෂව 0.81%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)