25 April 2025


සියලුම තරුණ සේවා නිලධාරීන් අමාත්‍යාංශයට කැඳවයි



ජාතික තරුණ සේවා සභාවේ 2025 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ ඉදිරි තරුණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (24) පවත්වා තිබෙනවා.

ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි.

මෙම සාකච්ඡා සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන්, පළාත් තරුණ සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්, තරුණ සේවා නිලධාරීන් සහ තරුණ සේවා සභාවේ නිලධාරීන් එම සාකච්ඡාවට එක්වූ බවයි වාර්තා වන්නේ.

එහිදී ජාතික තරුණ සේවා සභාව මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්නන විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව යෞවන සමාජ පිහිටුවීම සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම බහු විධ මධ්‍යස්ථාන පිහිටුවීම්, ස්වෙච්ඡා සේවය දිරිගැන්වීම, Youth App, හවසට ITE , ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා එළිදැක්වීම යන නියමු ව්‍යාපෘති මේ වසරේදි සිදු කිරීමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)