08 November 2024


77වන නිදහස් උත්සවය සංවිධානයට විශේෂ කමිටුවක්



එළඹෙන 2025 වසරේ පෙබරවාරි 04 වනදාට යෙදෙන 77 වන නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වීමට අදාළව අවශ්‍ය මඟපෙන්වීම සහ අධීක්ෂණය සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව අනුමත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු සියලුම ආයතනවල ප්‍රධානීන් මෙම කමිටුවට ඇතුළත් වනවා.  

(colombotimes.lk)