පසුගිය කන්නයේදී මිල දී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසය වන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයට වෙළෙඳපොලට නිකුත් කිරීමට හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ප්‍රසාද් හේරත් පසුගියදා පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම වී රුපියල් 110ත් 115ත් අතර මිලකට ලබාගත් බැවින් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකර සහල් තොග ලබා දීමට හැකියාව පවතින බවයි.
(colombotimes.lk)