දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ මේ වන විට කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ බොරැල්ල, පුරහල අවට මාර්ග, හෝර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථානවල මෙලෙස දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.
එමෙන්ම ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ගයේද රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
(colombotimes.lk)