ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු කියා සිටියේ රට සහ රටේ අනාගතය ගැන සිතා මේ මොහොතේ ගත හැකි හොඳම තීරණය ගත් බවයි.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මීට පෙර පාඨලී චම්පිකගේ නායකත්වයෙන් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහ ජාතික සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගෙන් පක්ෂ සාමාජිකත්වය ලබා ගනිමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබෙනවා.
(colombotimes.lk)