අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවගේ සහන වැඩපිළිවෙළට සහය වීම සඳහා ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුතු අඛණ්ඩව සිදු වන බවයි.
ආපදා සහන මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මේ වන විටත් අනුයුක්ත කර තිබෙනවා.
එමෙන්ම අවතැන් වූ පිරිස් මුදා ගැනීම සඳහා නාවික හමුදාවේ බෝට්ටු යුද හමුදා සන්නද්ධ රථ මෙන්ම, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද අවශ්‍ය පරිදි සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් මැදිරිය හෝ 0112 13 61 36, 0112 13 62 22, 0112 67 00 02 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකි බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
(colombotimes.lk)