08 November 2024


අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 460ක් ගැන CID විමර්ශන අරඹයි



පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයන් 460කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඔවුන් මෙරට රැඳී සිටිමින් රැකියා කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන  නියාමන පණත යටතේ ද විමර්ශන කටයුතු ක්‍රියාත්මක කළ බවයි.
 
එම සැකකරුවන් මහනුවර, අතුල්කොට්ටේ, පල්ලෙකැලේ, නත්තරන්පොත ඇතුලු ප්‍රදේශ කිහිපයකින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. 

(colombotimes.lk)