ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පැළඳවීම ඊයේ (15) සිදු කළා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා දෘශ්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා විසින් එම කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවා තිබෙනවා.
ඔහු සඳහන් කළේ කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාභාධිත සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුබසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බවයි.
(colombotimes.lk)