08 November 2024


යටගිය ඝාතන සිද්ධි නැවත කරළියට



ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව මාධ්‍යවේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම අපරාධ ත්‍රිත්වයේ පරීක්ෂණ බොහෝ දුරට අවසාන වීම හේතුවෙන් මෙම විමර්ශන සිදු කිරීම ආරම්භ කළ බවත් අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳව විමර්ශන ඉදිරියේදී යළිත් වරක් ආරම්භ කරන බවයි.

(colombotimes.lk)