26 November 2024


ජේ. ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්



මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ලබන මස 07 වනදා දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ ඉදිරි පැය 48 තුළ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

(colombotimes.lk)