එළඹෙන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ අද (15) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ පසුගිය 11 වනදා රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)