26 November 2024


ජොන්ස්ටන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි



රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දුව අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලේ තිබී මෙරට එකලස් කරන ලද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව පසුගිය 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.

(colombotimes.lk)