08 November 2024


මැද පෙරදිග යුද ගැටුම් නිසා තෙල් මිල වෙනස් වෙයිද ?



මැද පෙරදිග පවතින යුදමය තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කිරීම සම්බන්ධව සොයා බැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් පත් කළ විශේෂ කමිටුව විසින් නිර්දේශ සිදු කරන බවයි.

එමෙන්ම මැද පෙරදිග පවතින යුදමය තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළ ගියහොත් තෙල් මිල පාලනය කරන ආකාරය සහ එයට ක්‍රියාකරන ආකාරය කමිටුව තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)