කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය ඊයේ (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාර දී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
ඇය එම සංදේශය ලබාදී ඇත්තේ ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව මෙන්ම ළමා අපයෝජන වැළක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින්.
(colombotimes.lk)