08 November 2024


සයිබර් ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අංශයට අවබෝධයක් ලබාදීමට පියවර



සයිබර් ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය අංශය වෙත පුළුල් අවබෝධයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කටයුතු කරන බව එම සංසදය සඳහන් කළා.

එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් සඳහන් කළේ සයිබර් අපරාධ වැඩි වීමට හේතු වී ඇත්තේ ඒ පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම බවයි.

ඒ හේතුවෙන් අන්තර්ජාලයේ නිවැරදි ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ රාජ්‍ය අංශ දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් සඳහා තම සංසදය ඉදිරියේදී දායකත්වය ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)