08 November 2024


හරිත කන්දේ කඳවුරු බැඳීමට ගිය සරසවි සිසුන්ට වුණ දේ



බෝපත්තලාව හරිත කන්දේ කඳවුරු බැඳීමට ගිය සරසවි සිසුන් පිරිසකට අද (15) බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 06දෙනා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ එම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

(colombotimes.lk)