26 December 2024


ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්



අද (26) පෙරවරු 09.00 සිට අනිද්දා (27) දින අලුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් නිසාවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

colombotimes.lk