27 December 2024


මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 20 ඉක්මවයි



2024 වසරේදී සංචාරකයින් මිලියන 2.1ක් අපේක්ෂා කරන අතර වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් ඉපයීමට අපේක්ෂාවක් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද (26) පෙරවරු 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි සංචාරකයා සමඟ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියන 2 ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.

බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන් එම සංචාරකයා මෙරටට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)