23 December 2024


පුංචි ඡන්දයට බාධාවක්



පළාත් පාලන ඡන්ද විමසීම් පනත සංශෝධනය කරන තුරු ඡන්දය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නීතියෙන් බාධාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ පනත සංශෝධනය වූ වහාම ඡන්දය පවත්වන දිනයක් දැනුම්දෙන බවයි.

ලබන ජනවාරි මාසය ඇතුළත මෙම පනත සංශෝධනය කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)