27 December 2024


අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා හිඟ මුදල් ගෙවීම හෙට සිට



අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට තිබෙන හිඟ මුදල් අදාළ බැංකු ගිණුම් හරහා හෙට (27) සිට ලබාගත හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළා.

ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවිය යුතු මුළු හිඟ මුදල වන්නේ රුපියල් 1,314,007,750.00කට අධික මුදලක්.

(colombotimes.lk)