31 March 2025


මෙරට නෝර්වේ තානාපතිනිය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්



මෙරට නෝර්වේ තානාපති May - Elin Stener අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයී.

දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවර, පුනර්ජනනීය බලශක්ති සහ රැකියා උත්පාදන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල් කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සහය පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය එහිදී තානාපතිනියව  දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)