යුක්රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.
ඒ රුසියාවේ කසාන් නුවරට යුක්රේනය ඊයේ (22) එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙසයි.
යම් පාර්ශවයක් සිය රටේ යම් වස්තුවක් විනාශ කිරීමට උත්සහ දරන්නේ නම් එම රටට ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි ඛේදවාචකයට මුහුණදීමට සිදුවන බව පුටින් අනතුරු අඟවා තිබෙනවා.
ඔහු සඳහන් කළේ යුක්රේනය එල්ල කළ ප්‍රහාරවලින් සිදුවූ හානි කඩිනමින් යථා තත්ත්වයට පත්කර සිය රට තවත් ඉදිරියට යන බවයි.
යුක්රේනය ඊයේ (22) රුසියාවේ කසාන් නුවරට ඩ්‍රෝන ප්‍රහාර 8ක් එල්ල කර තිබෙනවා.
(colombotimes.lk)