26 May 2026

logo

ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තනිව තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ එම පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමඟ ගිවිසුම් ගත වීමත් සමඟයි.

පසුගියදා පැවති විධායක සභාවේදී මේ පිළිබඳව කරුණු රැසක් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී මහ මැතිවරණයේදී පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබඳවද ඔවුන් අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා බොහෝ පිරිසක් තම කැමැත්තද  ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)