19 April 2025


ඊශ්‍රායල කැබිනට් කමිටුව රැස්වෙයි



ලෙබනනය සමඟ සටන් විරාමයක් ඇති කිරීම සඳහා සාකච්ඡා කිරීමට ඊශ්‍රායල කැබිනට් කමිටුව රැස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සටන් විරාම ගිවිසුම දින 60ක කාලයකට වලංගු වන බවයි.

එමෙන්ම ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදාව ඉවත් කිරීම, සටන් විරාමය අධීක්ෂණය කරන කමිටුවේ ප්‍රධානියා ලෙස ඇමෙරිකානුවෙක් පත් කිරීම, ලෙබනනය විසින් සිදු කරන ලබන ආයුධ මිලදී ගැනීම සහ නිෂ්පාදනය අධීක්ෂණය කිරීම යන කරුණු එම ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා.

 

(colombotimes.lk)