ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා.
එහි සභාපති ජයන්ත සමරකොන් සඳහන් කළේ දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළයාම බවයි.
පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වන බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(colombotimes.lk)