ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එහිදී අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රට තුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)