2025 ජනවාරි මාසයට අදාළ අස්වැසුම දීමනා අද (22) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේසේකර පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභීන් හට තමන්ට හිමි ප්‍රතිලාභ අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම්වලින් ලබාගත හැකි බවයි.
අස්වැසුම ප්‍රතිලාභීන් 1,722,922ක් අතර බිලියන 12කට අධික මුදලක් බෙදාහැර ඇති බවද සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියා.
(colombotimes.lk)