22 January 2025


වීවල සහතික මිල සංශෝධනයට කමිටුවක්



වී සඳහා සහතික මිල සංශෝධනයට කමිටුවක් පත් කළ බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ පර්යේෂණායතනය හා පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත බවයි.

වී වගාව සඳහා යොදා ගන්නා යෙදවුම්වල මිල ගණන් පිළිබඳව සාමාලෝචනයක්ද මෙම කමිටුව හරහා සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බවයි.

(colombotimes.lk)