මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 497 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ ධීවර යාත්‍රා 66ක පැමිණි ඉන්දීය ධීවරයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙරට ධීවරයන්ගේ ගැටලු නිරාකරණය සඳහා නාවික හමුදාව උපරිම දායකත්වය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)