colombotimes.lk
සිංහල | English

14 October 2024


පීඩාවට පත්වූ ජනතාවට සහන සැළසීමට රජයෙන් මිලියන 50ක්



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩා විදින සියලු ජනතාවට ඉතා ඉක්මනින් අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සහනාධාර මනා සම්බන්ධීකරණයකින් යුතුව විපතට පත් ජනාතාවට ලබාදෙන ලෙසත්, විපතට පත් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

(colombotimes.lk)