30 June 2025

logo

පාසල්වලට නිවාඩු ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්



දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත්තේ පාසල්වලට නිවාඩු ලබාදීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම මේ වන විට පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමඟ සාකච්ඡා කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

(colombotimes.lk)