ගතවූ මාස 10 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 73 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ අල්ලස් ලබා ගැනීම හා ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙක්ද වනවා.
ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, කොස්තාපල්වරු 8 දෙනෙක් සහ සැරයන්වරු 9 දෙනෙක් ඊට ඇතුළත්.
අදාළ කාලය තුළ සිවිල් පුද්ගලයන් 24ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම්වලට අදාළව ග්රාම නිලධාරීවරුන් 03 දෙනෙක්ද අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අතරට විදුහල්පතිවරයෙක්ද අයත් වනවා.
(colombotimes.lk)