වියළි කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 28000 කට ආසන්න බවයි වාර්තා වන්නේ.
සබරගමුව, නැගෙනහිර, වයඹ හා උතුරු පළාත් වියළි කාලගුණයත් සමග දැඩි ලෙස බලපෑමට ලක්ව තිබෙනවා.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 27,714 කට අයත් පුද්ගලයින් 89,480ක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි හා චන්කානෙයි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ජනතාව වැඩිම බලපෑමකට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථනය නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර නැගෙනහිර පළාතේ කින්නියා, සේරුවිල, කුච්චවේලී, වෙරුගල්, මූතූර් හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 8000 කට අධිකයි.
වයඹ පළාතේ කුරුණෑගල, බමුණාකොටුව හා ගිරිබාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ජනතාවත් මින් දැඩි පීඩාවට ලක්ව සිටින බව සඳහන් වනවා.
(colombotimes.lk)