වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන් ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කරන බවයි.
දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන් ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති වයස අවුරුදු 65 ඉක්මවූ සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කරන බවයි.
මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැඳවියන් 04ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.
(colombotimes.lk)