02 July 2025

logo

ඉන්දු - පාකිස්ථාන සටන් විරාම ගිවිසුම කඩ කරයි?



ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණ සටන් විරාමයකට එකඟ වුණා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බවට දෙපාර්ශවය විසින් චෝදනා කර තිබෙනවා.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශ කළේ පාකිස්ථානය සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කිරීමට ​ඉන්දීය හමුදාවට උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටියද ඉන්දියාව විසින් සටන් විරාම ගිවිසුම කඩකර ඇති බවට
පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)