colombotimes.lk
සිංහල | English

22 October 2024


වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ගැන නිවේදනයක්



වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී බස්නාහිර පළාතද අනිකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අතර සම්බන්ධතාවයක් නොමැති වීම ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව බවයි.

ඒ අනුව මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් විසින් බස්නාහිර පළාතද අනිකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකරවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙක්ගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම, කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නඟන බැවින් එම දුෂ්කරතාවය පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රවාහන අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)