colombotimes.lk
සිංහල | English

22 October 2024


පාස්කු ප්‍රහාර වාර්තාව ගැන විජිත හේරත් කියන කතාව මෙන්න



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයකින් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය දියත් කළ පිරිස මෙන්ම එම ප්‍රහාරය දැනගෙන වළක්වා ගැනීමට ක්‍රියාත්මක නොවූ පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ සිදු කර පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)