colombotimes.lk
සිංහල | English

22 October 2024


ගමනාගමන කොමිසමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්



ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ඊයේ (21) අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පත්වීම් අනුමත කළ බවයි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා, ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලි තරංගා සිරිසෝම හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. අයි. යූ. පෙරේරා මහතා පත් වූ අනෙකුත් සාමාජිකයන් වනවා.

(colombotimes.lk)