02 January 2025


2025 වසරේ පාසල් පවත්වන දින ගණනේ වෙනසක්



2025 වසරේදී පාසල් පැවැත්වෙන දින ගණන සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වසරකට පාසල් පවත්වන දින 210 ලබන වසරේ සිට දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් සහ පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමඟ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින එලෙස අඩු කර තිබෙනවා.

2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන්වන වාරය සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24වනදා දක්වා පාසල් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ලබන වසර සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27වනදා ආරම්භ කරන බවයි.

(colombotimes.lk)