04 January 2025


ගුවන්යානයක් මුහුදට කඩා වැටෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කුඩා ගුවන්යානයක් මුහුදට කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.

එහි ගුවන් නියමුවා ලෙස කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත වෛද්‍යවරයෙක් සහ සහය නියමුවා ලෙස කටයුතු කළ 26 හැවිරිදි පාකිස්ථාන ජාතික කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය වෛද්‍යවරයා ගුවන්යානය කුළියට ගෙන තිබුණේ සිය පවුලේ සමාජිකයන් සමඟ ගුවනේ සිට නැරඹුම් අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින් බවයි.

කෙසේ වුවද යානය ගුවන්ගත කර සුළු මොහොතකින් අවාසනාවන්ත ලෙස කඩා වැටී තිබෙනවා.

(colombotimes.lk)