01 January 2025


ඉදරි ඡන්දවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තීරණයක්



ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුවී තිබෙනවා.

එම සංවිධාන සඳහන් කළේ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන ඇතැම් පුද්ගලයන් විවිධ අපරාධවලට සම්බන්ධ වීම සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීම රටේ දේශපාලනය ජරාජීර්ණ වීමට හේතු වූ බවයි.

ඒ අනුව දේශපාලනයට ඇතුළත් කර ගැනීමට පෙර එම පුද්ගලයන්ගේ අධ්‍යාපනය, කල්ක්‍රියාව පක්ෂ විසින් සොයා බලා කටයුතු කළ යුතු බවද එම සංවිධාන වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)