06 February 2026

logo

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අයහපත් වෙයි



උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලටත් මාතලේ දිස්ත්‍රික්කයටත් අද (02) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

(colombotimes.lk)