04 January 2025


දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්



දෝෂාභියෝගයෙන් සිය ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ අධිකරණය මගහැරීමේ චෝදනාව මතයි.

එරට යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමඟ පසුගියදා ඔහුට සිය ධූරය අහිමි වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6වනදාට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවයි.

(colombotimes.lk)